උණුසුම් කාලගුණය නිසා එක්සත් ජනපද සිරකරුවන් දැඩි අසීරුතාවක

උණුසුම් කාලගුණය නිසා එක්සත් ජනපද සිරකරුවන් දැඩි අසීරුතාවක

එක්සත් ජනපදයේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් සිරකුටිවල සිරකර ඇති සිරකරුවන් සහ ඔවුන් ආරක්ෂා කරන කාර්යය මණ්ඩලය දැඩි අසීරුතාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සතියේ, අමෙරිකානුවන් මිලියන 230කට වැඩි පිරිසකට සෙල්සියස් අංශක 32.2 ට වඩා උෂ්ණත්වය අත්විඳිමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

මෙම උණුසුම් තත්ත්වය වැඩිවීමත් සමග එක්සත් ජනපද බන්ධනාගාර වෙත නව අවධානයක් යොමු කරමින් ප්‍රතිසංස්කරණ සඳහාවන ඉල්ලීම් කෙරෙහිද සලකා බලන බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ

එක්සත් ජනපදයේ ටෙක්සාස් සහ ඇරිසෝනා ඇතුළු ප්‍රාන්ත දහතුනක දැඩි උෂ්ණත්වයක් පවතින අතර එම ප්‍රදේශවල පවතින සිරගෙවල්වල වායු සමීකරණයක් පවා නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා

ටෙක්සාස් අපරාධ යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන බන්ධනාගාර 100 න් 31ක් සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කර ඇති අතර 55ක වායුසමීකරණය ඇතැම් ප්‍රදේශවලට සීමා කර තිබෙනවා .

ජුනි මැද සිට, එළිමහන් තාප දර්ශක අංශක 100 ට වඩා වැඩි වූ සිසිල් නොකළ ටෙක්සාස් බන්ධනාගාරවලින් හෘදයාබාධ හෝ හෘදය ආශ්‍රිත රෝග හේතුවෙන් අවම වශයෙන් සිරකරුවන් නව දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

එමෙන්ම අවම වශයෙන් තවත් 14 දෙනෙකුවත් නොදන්නා හේතූන් මත දැඩි උණුසුම් දිනවලදී මිය ගොස් ඇති බව සඳහන්

Share This