උත්සව සමයේදී නයිජීරියාව නොමිලේ දුම්රිය ගමන් සහ බස් ගාස්තු අඩු කරයි

උත්සව සමයේදී නයිජීරියාව නොමිලේ දුම්රිය ගමන් සහ බස් ගාස්තු අඩු කරයි

නයිජීරියානු රජයේ නිවාඩු දිනවල සංචාරය කිරීමට සහ ජනතාවට මූල්‍ය ආතතිය ලිහිල් කිරීමේ උත්සාහයක් ලෙස, උත්සව සමයේදී රට පුරා නොමිලේ දුම්රිය ගමන් සහ 50% පොදු බස් ගාස්තු අඩු කර තිබෙනවා .

ඒ අනුව ගෘහස්ථ සංචාරකයින්ට ආතතියකින් තොරව සහ මෙම කාල සීමාව තුළ අධික ප්‍රවාහන වියදමකින් තොරව තම ආදරණීයයන් සහ උපන් නගර නැරඹීමට අවස්ථාව සැළසෙන බවයි එරට ඛනිජ සංවර්ධන අමාත්‍යවරයා පවසන්නේ .

එරට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත අන්තර් රාජ්‍ය ගාස්තු සහ නොමිලේ දුම්රිය ගමන් සඳහා වන වට්ටම් අද (21) සිට ජනවාරි 4 දක්වා ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය පවසනවා .

මෙය ජනාධිපති බොලා ටිනුබු විසින් දැනටමත් අනුමත කර ඇති අතර රට පුරා මාර්ග 22 ක් හරහා සුඛෝපභෝගී බස් රථ ධාවනය කරන සමාගම් සමගද ඒකාබද්ධව සිදුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ

මේ අතර එරට ප්‍රවාහන අමාත්‍ය Sa’idu Alkali පවසා තිබෙන්නේ බස් ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීම සහ නොමිලේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලැබීම සෑම නයිජීරියානු ජාතිකයෙකුටම අධික ප්‍රවාහන වියදමකින් තොරව ජීවත්විය හැකි බවට සහතික කරන බවයි.

දෙසැම්බර් මාසය සාමාන්‍යයෙන් නයිජීරියාවේ සංචාරය සඳහා කාර්යබහුලම මාසය වන අතර එය වැඩිම ගුවන්, මාර්ග ප්‍රවාහන සහ දුම්රිය මගීන් සංඛ්‍යාවක් වාර්තා කරනු ලබනවා .

 

Share This