උතුරුමැද පළාත් සභාව 2011 වසරේදී රුපියල් කෝටි 117ක පාරවල් හදන්න අධි ඇස්තමේන්තුවක් දීලා

උතුරුමැද පළාත් සභාව 2011 වසරේදී රුපියල් කෝටි 117ක පාරවල් හදන්න අධි ඇස්තමේන්තුවක් දීලා

2011 වසරේදී උතුරුමැද පළාත් සභාව රුපියල් කෝටි 117ක අධි ඇස්තමේන්තුවක් මත මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කර ඇති බවට කෝපා කමිටුවේදී හෙළිව තිබෙනවා.

ඊයේ රැස් වූ කෝප් කමිටුවේදී අනාවරණ වූයේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934 ක් වටිනා ව්‍යාපෘති 629ක් ලබා දී ඇති බවයි. .
උතුරුමැද පළාත් සභාවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

එහිදී අනාවරණය වූයේ, රුපියල් මිලියන 1170 ක අධි ඇස්තමේන්තුවක් මත 2011 වසරේදී උතුරුමැද පළාත් සභාව විසින් ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කර ඇති බවටයි.

මේ අතර 2017 වසරේදී පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 542ක් ඉදිකිරීම් සමාගමක් සමඟ ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

Share This