උතුරු ඇමරිකාවට බලපෑ ශීත කුණාටුවෙන් දහස් ගණනකට විදුලිය නෑ -62ක් මරුට(VIDEO)

උතුරු ඇමරිකාවට බලපෑ ශීත කුණාටුවෙන් දහස් ගණනකට විදුලිය නෑ -62ක් මරුට(VIDEO)

උතුරු ඇමරිකාවට බලපෑ දරුණු ශීත කුණාටුව නිසා එරට දහස් ගණනකට තවමත් විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම නිව්යෝර්ක් නගරයේ බෆලෝ ප්‍රදේශයේ මියගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

කාලගුණය ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් එක්සත් ජනපදය පුරා අවම වශයෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ශීත කුණාටුව හේතුවෙන් ඊයේ (27) උදෑසන පමණක් ගුවන් ගමන් 4,800කට වැඩි ගණනක් අවලංගු කර ඇති අතර මගීන් දහස් ගණනක් රට පුරා ගුවන් තොටුපලවල අතරමං වී සිටිනවා

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This