උතුරු ඉන්දියාවේ උමගක් තුළ සිරවී සිටින 40 දෙනෙකු බේරාගැනීමට මෙහෙයුම්

උතුරු ඉන්දියාවේ උමගක් තුළ සිරවී සිටින 40 දෙනෙකු බේරාගැනීමට මෙහෙයුම්

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කඩාවැටුණු උමගක් තුළ සිරවී සිටින කම්කරුවන් 40 දෙනෙකු බේරාගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් පසුගිය ඉරිදා උදෑසන සිට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උමග ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඔවුන් එහි සිරවී සිටින බවයි පැවසෙන්නේ

සිරවී සිටින පුද්ගලයින් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට නිලධාරීන්ට හැකිවී ඇති අතර ඔවුන්ට ආහාර, ජලය සහ ඔක්සිජන් ලබා දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ අද (14) රාත්‍රියේ හෝ බදාදා වන විට කම්කරුවන් බේරා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

උමග තුළ සිරවී සිටින සියලුම කම්කරුවන් නිරුපද්‍රිතව සිටින අතර ඔවුන් කඩිනමින් පිටතට ගෙන ඒමට සෑම උත්සාහයක්ම ගනිමින් පවතිනවා යනුවෙන් ද ඔහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

Share This