උතුරු ක්වීන්ස්ලන්තයට ගංවතුර – ගුවන් තොටුපළ ජලයෙන් යටවෙයි (VIDEO)

උතුරු ක්වීන්ස්ලන්තයට ගංවතුර – ගුවන් තොටුපළ ජලයෙන් යටවෙයි (VIDEO)

වාර්තාගත වර්ෂාපතනයක් නිසා උතුරු ක්වීන්ස්ලන්තයේ ගංවතුර තත්ත්වයක් ඇතිව ඇති අතර එය ඕස්ට්‍රේලියානු කලාපයේ මෙතෙක් ඇති වූ දරුණුතම ගංවතුර බව එරට බලධාරීහු සඳහන් කර තිබෙනවා

මිනිසුන් දහස් ගණනක් ඉවත් කර ඇති නමුත් අනෙක් අය අතරමංව සිටින බවයි පැවසෙන්නේ

Cairns ගුවන් තොටුපළ ජලයෙන් යටවී ඇති බවද සඳහන්

මේ වන තෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර තද වර්ෂාපතනය තවත් පැය 24ක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

මිනිසුන් සිය ගණනක් බේරාගෙන ඇති නමුත් බොහෝ නිවාස ජලයෙන් යටවී තිබෙනවා

එමෙන්ම විදුලිය විසන්ධි වීම ,මාර්ග ජලයෙන් යටවීම් සහ ආරක්ෂිත පානීය ජලය අඩුවීම් වාර්තා වී ඇති බවද සඳහන් .

Share This