උතුරු කෙන්යාවේ බෝම්බ ප්‍රහාරයකින් 9ක් ජීවිතක්ෂයට
උතුරු කෙන්යාවේ මගී වෑන් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නැති බවයි පැවසෙන්නේ.
නමුත් අල්-ෂබාබ් කැරලිකරුවන් මෑත වසරවලදී මැන්ඩෙරා සහ ඒ අවට ප්‍රදේශවල පොලිසියට සහ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කර මරණ කිහිපයක් සිදු කර තිබෙන බවද එරට ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කරනවා
මෙම ප්‍රහාරය එල්ල වන්නේ එක්සත් ජනපදය සහ ප්‍රංශය ඇතුළු කෙන්යාවේ විදේශ තානාපති කාර්යාල කිහිපයක් රට තුළ සිදුවිය හැකි ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව එහි පුරවැසියන්ට අනතුරු ඇඟවීමෙන් සතියකට පසුවයි.
මේ අතර කෙන්යානු පොලිසිය මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් නිවේදනයක්ද නිකුත් කර තිබෙන බව සඳහන්