උතුරු කොරියානු නායකයා වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට

උතුරු කොරියානු නායකයා වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නැගෙනහිර රුසියාවේ Vladivostok නගරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට වෙඩි නොවදින දුම්රියකින් යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

එක රැයකින් කිම් ජොන් උන් දැනටමත් රුසියානු භූමියට පැමිණ ඇති බවද දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා

රුසියානු ආර්ථික සමුළුව අවසන් වීමෙන් පසු ඉදිරි දිනවලදී නායකයන් දෙදෙනා අතර හමුව සිදුවනු ඇති බව ක්‍රෙම්ලිනය විසින් තහවුරු කර තිබෙනවා

උතුරු කොරියාව සහ රුසියාව අතර ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This