උතුරු කොරියාවෙන් නෙරපා හැරි අමෙරිකානු සොල්දාදුවා ටෙක්සාස්වලට (VIDEO)

උතුරු කොරියාවෙන් නෙරපා හැරි අමෙරිකානු සොල්දාදුවා ටෙක්සාස්වලට (VIDEO)

උතුරු කොරියාවෙන් නෙරපා හැරි අමෙරිකානු සොල්දාදුවෙකු වූ Travis King මේ වනවිට ටෙක්සාස් හි කඳවුරකදී ශාරීරික පරීක්ෂණවලට භාජනය වන බව විදෙස් මාධ්‍ය පවසනවා

දේශ සීමා තරණය කරමින් උතුරු කොරියාවට පැමිණි Travis Kingව මාස දෙකක කාලයක් එරට රඳවා ගනු ලැබුවා

Travis Kingව ශාරීරික පරීක්ෂණවලට භාජනය කිරීමේ අරමුණ වන්නේ ඔහුගේ චිත්තවේගීය හා මානසික සෞඛ්‍යය පිළිබඳව හඳුනාගැනීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

23 හැවිරිදි Travis King පසුගිය ජූලි මාසයේදී දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට නීතිවිරෝධී ලෙස දේශ සීමා තරණය කරමින් ඇතුළු වූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

ටෙක්සාස් වෙත රැගෙන ආ Travis Kingට කුමන දඬුවමක් හෝ විනය ක්‍රියාමාර්ගයක් ලබාදෙන්නේ දැයි නිලධාරීන් පවසා නැහැ

Share This