උතුරු කොරියාවෙන් නොනවතින මිසයිල අත්හදා බැලීම්

උතුරු කොරියාවෙන් නොනවතින මිසයිල අත්හදා බැලීම්

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති අතර, සති දෙකකට අඩු කාලයකදී එවැනි තහනම් කරන ලද මිසයිල හයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව ඔවුන්ගේ බලය ප්‍රදර්ශනය කරමින් සිදුකරන යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙම මිසයිල දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පසුගිය 04 වනදා උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් යවා තිබුණා.

උතුරු කොරියානු ප්‍රහාරයක් පරාජය කිරීමට සහ එය වළක්වා ගන්නේ කෙසේද යන්න පුහුණු කරමින් එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය පසුගිය මාස දෙකක කාලයක සිට ඒකාබද්ධ අභ්‍යාස මාලාවක් පවත්වනු ලබනවා

මෙම අභ්‍යාස උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට විරුද්ධ බවත් ඔහු ඒවා ඔහුගේ සතුරන් යුද්ධයට සූදානම් වන බවට සාක්ෂියක් ලෙස සලකනු ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This