උතුරු කොරියාවෙන් පළමුවරට කොවිඩ් ආසාදිත මරණ වාර්තා වෙයි
උතුරු කොරියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම නිසා සිදුවුණ මරණ පිළිබඳව මේ වන විට තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
තවත් දස දහස් ගණනක් උණ රෝග ලක්ෂණ අත්විඳින බවත් උණ වෛරසය ඇති පුද්ගලයින් 187,000 ක් හුදකලා කර තිබෙන බවත් එරට රාජ්‍ය මාධ්‍ය පවසා තිබෙනවා
ඔමික්‍රොන් වෛරසය වැළඳීමෙන් ඇතිවූ උණ තත්ත්වයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා
වෛරසය කලක සිට රට තුළ පවතින බවයි බලධාරීන් විශ්වාසය පළ කරන්නේ
උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang හි Omicron ප්‍රභේදය පැතිර යාමෙන් මේ වනවිට ආරක්ෂිත පියවරක් ලෙස එරට අගුලු දමා තිබෙනවා
පළමුවරට උතුරු කොරියාවේ නායක කිම් ජෝන් උන් ද මුව ආවරණ දමා ආරක්ෂිතව සිටින බව දක්නට ලැබුණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා