උතුරු කොරියාව දෙහැවිරිදි දරුවෙකු ජීවිතාන්තය දක්වා සිරගත කරයි

උතුරු කොරියාව දෙහැවිරිදි දරුවෙකු ජීවිතාන්තය දක්වා සිරගත කරයි

උතුරු කොරියාව වයස අවුරුදු දෙකක දරුවෙකු ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බයිබලය යොදා ගනිමින් ආගමික වතාවත් සිදු කළ දෙමාපියන් අල්ලා ගැනීමෙන් පසුයි එම දරුවා ද මෙලෙස සිරගත කර ඇත්තේ

එමෙන්ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් සඳහන් කර ඇත්තේ බයිබලය යොදා ගනිමින් ආගමික කටයුතු සිදු කරන උතුරු කොරියාවේ කිතුනුවන්ට මරණ දණ්ඩනය නියම වන අතර දරුවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වලට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරෙන බවයි

පසුගිය 2022 වසර සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ නිකුත් වාර්තාවක දැක්වෙන්නේ උතුරු කොරියාවේ කිතුනුවන් 70,000 ක් පමණ සිරගතව සිටින බව සඳහන්.

මෙම කඳවුරුවල සිරකර සිටින කිතුනුවන් දරුණු තත්ත්වයන් සහ විවිධ ආකාරයේ ශාරීරික හිංසනයන්ට ලක්වන බව ද එම වාර්තාවේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This