උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරේ ඡායාරූප (UPDATE 02)

උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරේ ඡායාරූප (UPDATE 02)

තිස් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරේ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය නිකුත් කර තිබෙනවා

තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර දුම්රිය මැදිරි ගිනි ගැනීම හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වුණු බවයි බලධාරීන් සඳහන් කරන්නේ

කෙසේවෙතත් තුවාල ලැබූ 66 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර තිබෙනවා.

 

…………………………………………….

Mar 1, 2023 at 15:33

ග්‍රීසියේ දින තුනක ජාතික ශෝක කාලයක් (UPDATE 01)

උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරට පසු, ග්‍රීසියේ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට අගමැතිවරයා සඳහන් කරන්නේ සියලුම මහජන සැමරුම් අවලංගු කර ඇති අතර සිකුරාදා(03) දක්වා පොදු ගොඩනැගිලිවල කොඩි අඩකුඹු කර තබන බවයි

මෙම දුම්රිය අනතුර සිදුවන විට පුද්ගලයන් 350 ක් පමණ දුම්රියේ සිට ඇති අතර සිටි බොහෝ පිරිසක් තරුණ තරුණියන් බවයි පැවසෙන්නේ

මේ අතර රතු කුරුස සංවිධානය පවසන්නේ ගැටුම සිදුවූ ස්ථානයට ආසන්න නගරය වන ලැරිසා හි මධ්‍යම චතුරශ්‍රයේ රුධිර පරිත්‍යාගය කිරීම සඳහා ස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි

දුම්රිය අනතුර හේතුවෙන් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරනවා

……………………………………………………………….

Mar 1, 2023 at 14:46

උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 66කට තුවාල -6ක් දැඩි සත්කාර ඒකකයේ (PHOTOS )

උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා

තුවාල ලබා ඇති පුද්ගලයින් 66 දෙනාගෙන් හය දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මගී දුම්රියේ පළමු මැදිරි තුන වෙත ගැලවුම්කරුවන් අවධානය යොමු කරමින් සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

මාරාන්තික අනතුරෙන් දිවි ගලවා ගත් අය ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙන අතර, සිදුවීමට මුහුණ දුන් මගියෙකු පවසා තිබෙන්නේ “ජනෙල් හදිසියේම පුපුරා ගිය බවයි ,වාසනාවකට මෙන්, දොරවල් විවෘත කර ඉක්මනින් පැන ගැනීමට හැකිවූ බවයි .

ගිනි ගැනීමෙන් පසු මගී දුම්රියේ පළමු මැදිරි දෙක සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා.

 

Share This