උතුරු ටැන්සානියාවේ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 47ක් මරුට

උතුරු ටැන්සානියාවේ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 47ක් මරුට

උතුරු ටැන්සානියාවේ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තවත් 80 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ජාතික ආරක්ෂක හමුදා ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සඳහා යොදවා ඇති බවයි පැවසෙන්නේ

අයහපත් කාලගුණයෙන් නිවාස හා යටිතල පහසුකම්වලට ද හානි සිදුවී තිබෙනවා

පසුගිය මාසයේ ටැන්සානියාවේ, සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිව ඇති අතර ඒ හේතුවෙන් Dar es Salaam අගනුවර සහ Kigoma, Kagera, Geita සහ Unguja යන ප්‍රදේශවල ජීවිත හා දේපළ විනාශ වි ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රටේ ඇතැම් ප්‍රදේශවල වගාවන්ට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, එය ජනතාවගේ ජීවනෝපායට බලපෑම් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ

එමෙන්ම ටැන්සානියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ වර්ෂාව මේ මාසයේ දිගටම පවතිනු ඇති බවයි.

 

Share This