
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතියේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපතිතින් ඇරඹේ
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරුණා.
ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
මේ යටතේ මේ වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000 ක පොල් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2027 දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
නිෂ්පාදන ඒකකයේ කටයුතු ආරම්භ කරමින් බීජ පොල් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.