
උතුරු මැද පළාතේ ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස 3 තුළ විසඳීමට අග්‍රාමාත්‍යවරිය සූදානම්
ඉන්දීය ආධාර මත අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ ඉදිකෙරුණු ‘සෝභිත නාහිමි ගම’ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු කෙරුණා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ද එක්ව සිටියා.
මෙ නිවාස ව්‍යාපෘතියට අදාළව නිවාස 115ක් ජනතා අයිතියට පත් කෙරුණා.
මේ අතර 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන පරිපාලන බලධාරීන් දැනුවත් කිරීමේ සමාරම්භක වැඩසටහන ඊයේ උතුරුමැද පළාත් සභාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී ගුරු විදුහල්පති ස්ථාන මාරු තුළනය කඩිනම් කිරීමටත් උතුරු මැද පළාතේ ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස 3 තුළ විසඳීමටත් අග්‍රාමාත්‍යවරිය සිය අවධානය යොමු කර තිබෙනවා.