උතුරු සිරියාවේ පිපිරීමකින් 15 දෙනෙකු මරුට

උතුරු සිරියාවේ පිපිරීමකින් 15 දෙනෙකු මරුට

උතුරු සිරියාවේ මැන්බිජ් නගරයට ආසන්නයේදී කාර් බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

පිපිරීමෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් වන බව ද සඳහන්.

තුර්කියේ පිටුබලය ලබන සිරියානු ජාතික හමුදා කණ්ඩායම් සහ එක්සත් ජනපදයේ පිටුබලය ලබන කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා අතර අඛණ්ඩව පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් මත මෙම පිපිරීම සිදුව ඇති බවයි බලධාරීන් පවසන්නේ.

Share This