උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ ප්‍රභල භූ කම්පනයක්

උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ ප්‍රභල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 6 ක භූමිකම්පාවක් ඇති වූ බවයි යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) පවසා තිබෙන්නේ.

භූමිකම්පාව කිලෝමීටර් 80 ක් ගැඹුරින් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කර ඇති අතර භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This