උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක පනවයි

උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක පනවයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සම්බාධක පැනවීම සිදු කර ඇති බව සඳහන්.

ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම් හේතුවෙන්.

මේ යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට වැඩි අගයකට ඒවා මිලදී ගැනීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගට එරෙහිව සම්බාධක පැනවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා යටතේ බව සඳහන්.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 7031(c)වගන්තිය යටතේ මොවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට යන දෙපාර්ශ්වයේම නම් ප්‍රසිද්ධ කර ඇති අතර ඔවුන්ට එරටට ඇතුළුවීම මෙලෙස තහනම් කර තිබෙනවා.

Share This