උදැල්ලෙන් පහර දී ඝාතනය කළ අයෙකුට මහාධිකරණයෙන් ලැබුණු දඬුවම

උදැල්ලෙන් පහර දී ඝාතනය කළ අයෙකුට මහාධිකරණයෙන් ලැබුණු දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් කිරීම ඇතුළු චෝදනා හතරකට වැරැදිකරු වූ දෙදරු පියකුට මොණරාගල මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ කුඹුක්කන, ඔක්කම්පිටිය පාර පදිංචි අයෙකුටයි.

2012.05.22 වැනි දින කුඹුක්කන, ඔක්කම්පිටිය පාරේ දෙකේ කණුව අසලදී එම ප්‍රදේශයේ අයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කිරීම, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිය සහ දියණිය තුවාල කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296, 300, 315 යන වගන්ති යටතේ නීතිපතිවරයා විසින් මනුෂ්‍ය ඝාතනයක් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණා

මෙහිදී සියලු චෝදනාවන්ට චූදිත වරදකරු කරමින් මහාධිකරණ විනිසුරු විසින් මෙලෙස මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා

දෙවැනි චෝදනාවට අවුරුදු 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සමඟ රුපියල් 10,000ක දඩයක්ද, තුන්වැනි චෝදනාවට වසර 5ක සිරදඬුවමක් සමඟ රුපියල් 5,000ක දඩයක්ද, සිවුවැනි චෝදනාවට වසරක සිරදඬුවමක් සමඟ රුපියල් 5,000ක දඩයක්ද නියම කෙරුණා

 

Share This