උපන්දින සාදයේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයේදී තම නැගණිය බේරමින් දිවි පිදූ සහෝදරයා (VIDEO)

උපන්දින සාදයේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයේදී තම නැගණිය බේරමින් දිවි පිදූ සහෝදරයා (VIDEO)

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පැවති උපන්දින සාදයකට එල්ල වූ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයන් 4 දෙනෙකු අතර සිටි තරුණයෙකු සිය සහෝදරියගේ ජීවිතය බේරා ගැනීමට යාමේදී මිය ගොස් ඇති බව පවුලේ ඥාතීන් පවසා තිබෙනවා .

18 හැවිරිදි Phil Dowdell,තම නැගණියගේ 16වෙනි උපන්දින සැමරුම අතරතුර වෙඩි තැබීම සිදුවන විට ඇයව බිමට තල්ලු කරමින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් තිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

Phil Dowdellගේ නැගණිය සහ ඇගේ මව බී බී සී පුවත් සේවයට සඳහන් කර තිබෙන්නේ වෙඩි තැබීමට හේතුව නොදන්නා බවයි.

Share This