උපන් බිමෙන් එල්ල කළ උණ්ඩයටම බිලිවූ රුසියානු මාධ්‍යවේදිනිය
යුක්රේනයේ කියෙව් අගනුවරට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදිනියක මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
Oksana Baulina මාධ්‍යවේදිනිය පොඩිල් දිස්ත්‍රික්කයේ සිදුවූ හානිය රූගත කරමින් සිටියදී මිය ගිය බවයි සඳහන් වන්නේ
Oksana Baulina මීට පෙර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දූෂණ විරෝධී පදනමේ සේවය කළ අතර පසුව රුසියාව හැර ගොස් තිබෙනවා
පසුගිය වසරේ එම පදනම නීති විරෝධී බව ප්‍රකාශ කිරීමෙන් පසු එහි කාර්යය මණ්ඩලයේ බොහෝ දෙනෙකුට විදේශගත වීමට සිදුවූ අතර Oksana Baulina ද ඒ අතර සිටි බවයි පැවසෙන්නේ