උපාධිය ලබා ගැනීමට Zelensky ලෙස සැරසුණු ජපන් විශ්ව විද්‍යාල සිසුවා

උපාධිය ලබා ගැනීමට Zelensky ලෙස සැරසුණු ජපන් විශ්ව විද්‍යාල සිසුවා

ජපානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් සිය උපාධි ප්‍රදානෝත්සවය සඳහා Volodymyr Zelensky ලෙස සැරසී තිබෙනවා.

මෙම පුද්ගලයා යුක්රේන ජනාධිපතිවරයා නිරූපනය කරන කොළ පැහැති දිගු අත් සහිත උඩුකය සහ ගැලපෙන කලිසම් පැළඳ සිටි අතර, ඔහු තම රැවුලද Zelensky ලෙස වවා ගැනීමට උත්සාහ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

උපාධිධාරීන්ගේ ඇඳුම, කියෝතෝ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ විශේෂ අංගයක් වන අතර සිසුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඇඳීමට අවසර ඇති බව විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය පෙන්වා දෙනවා.

වසර ගණනාවක් පුරා, අමුතු හා පුදුම සම්ප්‍රදායට වීර්ස් වොලි සිට පොක්මොන් දක්වා සියලු දෙනා දැක ඇති අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස ඇඳගත් සිසුන් පවා විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්විටර් හි අමිකි ලෙස හඳුනාගෙන ඇති මෙම ශිෂ්‍යයා ජපාන මාධ්‍ය වෙත පැවසුවේ යුක්රේනය සමඟ සහයෝගීතාවය පෙන්වීම සඳහා තමා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ලෙස සැරසී සිටි බවයි.

Share This