උමා ඔයෙන් පැල්වත්තට ජාතික වාරි ව්‍යාපෘතිය ඇරඹෙයි (VEDIO)

උමා ඔයෙන් පැල්වත්තට ජාතික වාරි ව්‍යාපෘතිය ඇරඹෙයි (VEDIO)

උමා ඔයෙන් පැල්වත්තට ජාතික වාරි ව්‍යාපෘතිය බුත්තල පැල්වත්ත ජනාවාස දහය ප්‍රදේශයේ අක්කර දෙකක වැව් ඉස්මත්තේදී ආරම්භ කර තිබෙනවා.

මෙහිදී උමා ඔය ව්‍යාපෘතිය මඟින් නිකුත් කරන ජලයෙන් කොටසක් ඇල මාර්ගයක් ඔස්සේ රැගෙන ගොස් අක්කර දෙකක වැව පෝෂණය කිරීමට නියමිත බව සඳහන්.

එමඟින් බුත්තල ජනාවාස ගම්මාන 8ක ගොවි පවුල් 16ට පමණ සෙත සැලසෙන අතර එමඟින් ප්‍රදේශයේ අක්කර 5000ක උක් වගා කර සීනි මෙට්‍රික් ටොන් 6000 සහ එතනෝල් ලීටර් 877500 නිෂ්පාදනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම නිසා ප්‍රදේශයේ ගොවීන්ට ලැබෙන අමතර ආදායම රුපියල් ලක්ෂ හය දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කර ඇති බව සඳහන්.

මෙම වැඩසටහන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පැල්වත්ත සීනි සමාගමේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ උක් ගොවීන්, ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This