“උරුමය” වැඩසටහන රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමක් -ජනපති රනිල්-

“උරුමය” වැඩසටහන රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමක් -ජනපති රනිල්-

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

එහිදී ජනපදිකයින් 45,253ක් අතුරින් 1524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම අද (17) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

Share This