
උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රමාණ සමීක්ෂණය සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාවලට NVQ 6 සහතිකය හිමිවේ
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රමාණ සමීක්ෂණය සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාවලට NVQ 6 සහතිකය පිරිනැමීමට අනුමැතිය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකක් වන ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HNDE) පාඨමාලාව සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ප්රදානය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
එහි මාධ්‍ය ඒකකය පැවසුවේ මේ මස 8 වන දින පැවති අංක 2025/05/303 දරන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන (TVEC) කොමිෂන් සභා රැස්වීමේදී, ඉහත පාඨමාලා දෙක NVQ 6 මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල බව තීරණය කළ බවයි.
ඒ අනුව ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව පාඨමාලා සාර්ථකව නිම කළ පිරිසට NVQ 6 මට්ටමේ සමානතා සහතිකය නිකුත් කිරීම සඳහා රු. 1000.00 ක ගාස්තුවක් සමඟ SLIATE අධ්යක්ෂ/විදුහල්පති/අධ්යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද අවසන් සහතිකයේ පිටපතක් සමඟ තම ඉල්ලීම් එවිය යුතු වනවා.
ඊට අදාල චක්‍රලේඛය පසුගිය ජූනි මස 09 දින සිට ක්‍රියාත්මක බව එහි මාධ්‍ය ඒකය සදහන් කරනවා.