උසස් පෙළට අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කරයි

උසස් පෙළට අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කරයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම සඳහා ලබාදී තිබූ කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම හෙට (10) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් නොවැළැක්විය හැකි හේතූන් මත එම දිනය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අදාළ දිනයෙන් පසු යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් යොමුකිරීමට කාලය ලබා නොදෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Share This