ඌරුබොක්කේ සහ ගොකරැල්ලේ සැකකටයුතු මරණ දෙකක්
ඌරුබොක්ක කන්දෙකුඹුර ප්‍රදේශයෙන් හා ගොකරැල්ල තලහින්න ප්‍රදේශයෙන් සැක කටයුතු මරණ දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරනවා.
ඒ අනුව ඌරුබොක්ක කන්දෙකුඹුර ප්‍රදේශයේ තේ ඉඩමක ගල්තලාවක් මත මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුව ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි කන්දෙකුඹුර, බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඒ සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්.
එමෙන්ම ගොකරැල්ල තලහින්න ප්‍රදේශයේ නිවසකින් දුගඳක් හමන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමක දී එම නිවසේ තිබී මළසිරුරක් හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිවම ජීවත්ව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා පසුගිය මාර්තු මස 28 වනදා ඔහුගේ දියණියගේ නිවසේ සිට පැමිණ මෙම නිවසසේ තනිවම ජීවත්ව තිබෙනවා.
මරණයට සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.