එංගලන්තය සමග තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

එංගලන්තය සමග තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

හෙට පස්වරු 03.300 ට එම තරගය ආරම්භ වන අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.

Share This