එංගලන්තය සහ නෙදර්ලන්තය යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට

එංගලන්තය සහ නෙදර්ලන්තය යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට

2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ නෙදර්ලන්තය සමත් වී තිබෙනවා.

එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විට්සර්ලන්තය සමග තරග වැදුණු අතර එහි නියමිත කාලය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියා.

අනතුරුව දඬුවම් පහර 5ට 3ක් ලෙස තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

අනෙක් තරගය නෙදර්ලන්තය සහ තුර්කි කණ්ඩායම අතර පැවැත්වුණු අතර එම තරගය ගෝල 2ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එංගලන්තය සහ නෙදර්ලන්තය අතර අවසන් පූර්ව තරගය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතයි.

Share This