
එකට බීලා රණ්ඩු වී පොලු පහර දී මිතුරා මරලා
හොරණ පොලිස් වසමේ කැබැල්ලෑගොඩ ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු එකට මත්පැන් පානයකර සිදුවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක්පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදීමෙන් අනෙක් පුද්ගලයා මියගොස් ඇතැයි හොරණ පොලීසිය පවසනවා.
සිද්දියෙන් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හැට හැවිරිදි වියේ පසුවන මුණගමගේ ගාමිණි නැමැති එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයින් දෙදෙනා ඊයේ සවස (06) ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයාගේ නිවසේ මත්පැන් පානය කර ඇති අතර පසුව ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පහර දීමක් සිදුව ඇති බවයි.
ඝාතනයෙන් පසුව මියගිය පුද්ගලයාගේ සිරුර පහරදීම සිදුකළ පුද්ගලයා විසින් ඇඳ ඇතිරිවලින් ඔතා එම නිවසේ කාමරයක් තුළ තබා තම බිරිඳ වැඩ ඇරී පැමිණි පසු සිද්ධිය පිළිබදව බිරිඳට පවසා තිබෙනවා.
පොලීසිය දැනුවක් කර ඇත්තේ බිරිද විසින්.
පසුව පොලිසිය විසින් ඝාතනයවු නිවසට පැමිණ පරීක්ෂාකිරිමේදී ඇඳඇතිරිවලින් ඔතන ලද මළ සිරැර සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මේ සදහා පැමිණෙන විටත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.