එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% ක් ලෙස පවත්වා ගන්න තීරණයක්

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% ක් ලෙස පවත්වා ගන්න තීරණයක්

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවති රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි.

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, 5% ක උද්ධමන ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථික වර්ධනය සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරනවා.

Share This