
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලිඩ් නසර් සුලෙයිමාන් අල්අමේරි මැතිතුමා අද (අගෝ 12) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක නිෂ්පාදන, සයිබර් ආරක්‍ෂාව, තොරතුරු හුවමාරු කර ගැනීම සහ ආපදා සහන ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම මාර්ග ගවේෂණය කළහ.
එරට දැනට සේවයේ නියුතු විශාල ප්‍රමාණයක් වූ ශ්‍රී ලාංකික මානව සම්පත් වල දායකත්වය තානාපතිවරයාගේ පැසසුමට ලක් වූ අතර, ඔවුන්ගේ කාර්යභාරය තම රටේ සංවර්ධනය සඳහා වැදගත් බවද පැවසීය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත වූ තානාපතිවරයාට ආරක්‍ෂක ලේකම්වරයා සිය සුබ පැතුම් එක් කල අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.