එක්සත් ජනපදයට බලපෑ වර්ෂාව සහ තද සුළං නිසා ගුවන් ගමන් 4,800කට වඩා ප්‍රමාදයක්

එක්සත් ජනපදයට බලපෑ වර්ෂාව සහ තද සුළං නිසා ගුවන් ගමන් 4,800කට වඩා ප්‍රමාදයක්

වර්ෂාව සහ තද සුළං එක්සත් ජනපදයේ දකුණු සහ ඊසානදිග ප්‍රදේශවලට බලපෑම හේතුවෙන් ගුවන් ගමන් 4,800 කට වඩා ප්‍රමාද වී ඇති අතර 70 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (21) රාත්‍රිය වන විට අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව එක්සත් ජනපද ගුවන් සමාගම් මෙම සතියේ නිවාඩු කාලය තුළ මිලියන 30 කට ආසන්න සංචාරකයින් පිරිසක් අපේක්ෂා කෙරෙනවා.

පැවති අයහපත් කාලගුණය චිකාගෝ, ඇට්ලන්ටා, වොෂින්ටන් ඩීසී, ෆිලඩෙල්ෆියා, නිව්යෝර්ක් නගරය සහ උතුරු කැරොලිනාවේ චාලට් හි ප්‍රධාන ගුවන් තොටුපලවලට බලපා ඇති බවයි සඳහන් වන්නේ

ජාතික කාලගුණ සේවය (NWS) පැවසුවේ එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශය පුරා පැතිරුණු වර්ෂාව ජනතාවට දැඩිව බලපානු ඇති බවයි.

Share This