එක්සත් ජනපදයෙන් නව එන්නතකට අනුමැතිය

එක්සත් ජනපදයෙන් නව එන්නතකට අනුමැතිය

සෑම වසරකම අමෙරිකානුවන් දහස් ගණනකට ජීවිතය අහිමි කරවන ශ්වසන රෝගයකට (RSV) එරෙහිව නව එන්නතක් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අනුමත කර තිබෙනවා.

එම එන්නත මහජනයා වෙත ලබා දීමට පෙර එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලින් අනුමැතිය අවශ්‍ය වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Arexvy ලෙස නම් කර ඇති මෙම එන්නත ඉදිරියේදී බොහෝ ජීවිත බේරා ගන්නා ප්‍රධාන සාධකයක් වනු ඇති බවට නිලධාරීහු විශ්වාසය පළ කරනවා.

RSV යනු ශ්වසන රෝගයක් වන අතර එය සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට සීතල වැනි රෝග ලක්ෂණ ඇති කරන අතර කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට මෙන්ම වෙනත් සෞඛ්‍ය ගැටළු ඇති අයට අනතුරුදායක විය හැකි බවද විදෙස් මාධ්‍ය පවසනවා.

දරුණු අවස්ථාවල දී, එය bronchiolitis තත්ත්වය ඇති කළ හැකි අතර පෙනහළුවල දැවිල්ල ඇතිවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවන්ද සිදුවිය හැකියි .

එමෙන්ම වියළි කැස්ස, උණ සහ සමහර විට හුස්ම ගැනීමේ ගැටළු දක්වාද මෙම රෝගය වර්ධනය විය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෙම එන්නත නිෂ්පාදනය කිරීම සඳහා වසර 60කට වැඩි කාලයක් ගතවී ඇති අතර RSV රෝගය වැළැක්වීම සඳහා වූ එන්නතකට අනුමැතිය ලබාගත් පළමු රට බවටද අමෙරිකාව පත්ව තිබෙනවා

Share This