එක්සත් ජනපදයේ ගුවන් ගමන් ප්‍රමාදයක්

එක්සත් ජනපදයේ ගුවන් ගමන් ප්‍රමාදයක්

එක්සත් ජනපදයේ Southwest Airlines හි ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව එක්සත් ජනපදයෙන් පිටතට පැමිණීමට තිබූ ගුවන් ගමන් 5,400කට වඩා ප්‍රමාද වී ඇති අතර 100කට වඩා අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගුවන් ගමන් ප්‍රමාදය නිසා අපහසුතා ඇති වූ මගීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සලසා ඇති බවද එම ගුවන් සමාගම සඳහන් කර තිබෙනවා.

Southwest Airlines සමාගම එක්සත් ජනපදය පදනම් කරගත් ගුවන් සේවයක් වන අතර එහි මූලස්ථානය ටෙක්සාස් හි ඩලස් ප්‍රදේශයෙහි පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපදයේ ගමනාන්ත 121 කට සහ අතිරේක රටවල් 10 ක් සඳහා ඔවුන් සේවා සපයන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

Share This