එක්සත් ජනපදයේ ප්‍රකෝටිපතියෙකු වූ ‘ලී’ දිවි නසා ගනියි

එක්සත් ජනපදයේ ප්‍රකෝටිපතියෙකු වූ ‘ලී’ දිවි නසා ගනියි

එක්සත් ජනපදයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන තෝමස් ලී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රකාශයක් නිකුත් කරමින් තෝමස් ලී ගේ පවුලේ අය කියා සිටියේ 78 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ මරණය සම්බන්ධයෙන් අතිශයින් ශෝකයට පත් වූ බවයි.

New York Post හි වාර්තාකරුවන් පවසන්නේ ඔහු සිය මෑන්හැටන් කාර්යාලයේදී වෙඩි තබාගෙන මිය ගොස් ඇති බවයි.

නමුත් එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ ස්වයංක්‍රීය වෙඩි තැබීමකින් සිදු වූ තුවාලයකින් බව තහවුරු නොකළ අතර මරණයට හේතුව වෛද්‍ය පරීක්ෂකවරයා විසින් තීරණය කළ යුතු බව සඳහන් කර තිබෙනවා

මිය යන විට ලී මහතාගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 2ක් බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරනවා

“පෞද්ගලික කොටස් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු සහ සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ලෝකය ඔහුව දැන සිටියද, අපි ඔහුව යහපත් ස්වාමිපුරුෂයෙකු, පියෙකු, සීයා කෙනෙකු, සහෝදරයෙකු, මිතුරෙකු සහ දානපතියෙකු ලෙස දැන සිටියා. සෑම විටම තමාගේ අවශ්‍යතාවලට වඩා අන් අයගේ අවශ්‍යතා ගැන හිතපු කෙනෙක් ” යනුවෙන් ඔහුගේ පවුලේ සමීපතමයෙකු සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

1996 වසරේදී, ඔහු තම අධ්‍යාපන ආයතනය වන හාවඩ් විශ්ව විද්‍යාලයට ඩොලර් මිලියන 22ක් පරිත්‍යාග කළ අතර, එයින් කොටසක් සිසුන් සඳහා මූල්‍ය ආධාර සැපයීම සඳහා භාවිතා කර තිබෙනවා

දරුවන් පස් දෙනෙකුගේ පියෙක් වන තෝමස් ලී “මුදල් ටිකක් ඉපයීමට මම වාසනාවන්ත වීමි. එයින් කොටසක් ආපසු ලබා දීමෙන් මම වඩාත් සතුටු වෙමි,”යනුවෙන් ද වරෙක් පවසා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This