එක්සත් ජනපදයේ වෙඩි තැබීමකින් 10ක් මරුට

එක්සත් ජනපදයේ වෙඩි තැබීමකින් 10ක් මරුට

එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ චෙසපීක් හි වෝල්මාට් සුපිරි වෙළඳසැලක තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා පුද්ගලයින් 10 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගබඩාවක කළමණාකරුවෙක් යැයි විශ්වාස කෙරෙන පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව තුවක්කුව තමා වෙතට හරවාගෙන වෙඩි තබාගෙන මියගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවකට තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා පුද්ගලයින් පස් දෙනෙකු මරා දමා තවත් 17 දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් දින කිහිපයකට පසුව බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This