එක්සත් ජනපදයේ ‘හරිත’ අවමංගල්‍ය ස්ථානයකින් සිරුරු 189ක් ඉවත් කෙරේ

එක්සත් ජනපදයේ ‘හරිත’ අවමංගල්‍ය ස්ථානයකින් සිරුරු 189ක් ඉවත් කෙරේ

එක්සත් ජනපදයේ කොලරාඩෝ හි හරිත සුසාන සේවා සපයන අවමංගල්‍ය ස්ථානයකින් අවම වශයෙන් දිරාපත් වූ සිරුරු 189 ක් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

The Return to Nature නම් මෙම අවමංගල්‍ය ස්ථානයකින් දුර්ගන්ධයක් එන බවට වාර්තා වීමෙන් පසුව බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා

එක් නිලධාරියෙක් මෙම දර්ශනය විස්තර කළේ එය අනතුරුදායක බවයි

සිරුරු හඳුනාගැනීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මැදිහත් වන බවද සඳහන් වනවා

කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් සිට සැතපුම් 30 ක් දකුණින් මෙම ස්ථානය පිහිටා ඇති බවයි පැවසෙන්නේ

මෙම අවමංගල්‍ය ස්ථානය විශේෂිත වන්නේ එම්බාම් කරන තරල ඇතුළු කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකිරීම සහ ජෛව හායනයට ලක්විය හැකි පෙට්ටියක භූමදානයට තැන්පත් කිරීම හේතුවෙනුයි

සිරුරු රැසක් ඔක්තෝබර් 13 වන දින එම ස්ථානයෙන් ඉවත් කර එල් පැසෝ ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක කාර්යාලය වෙත ප්‍රවාහනය කර ඇති බවද සඳහන්

ඔක්තෝම්බර් මස මුලදී මෙම ස්ථානයේ තිබී සිරුරු 115 ක් සොයා ගෙන ඇති අතර පසුව විමර්ශනයට ලක්කර තිබෙනවා .

එහිදී අවමංගල්‍ය නිවසේ හිමිකරු වන ජෝන් හෝල්ෆෝර්ඩ්ට දේහයන් නුසුදුසු ලෙස ගබඩා කර තිබීම සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් විසින් චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

හරිත අවමංගල්‍ය කටයුතු සඳහා ප්‍රාන්තයේ අවසර දී ඇති නමුත් දේහය පැය 24ක් ඇතුළත මිහිදන් කිරීම හෝ නිසි ලෙස ශීතාගාරයක තැබිය යුතු වනවා .

Fremont County හදිසි මරණ පරීක්ෂක Randy Keller මීට පෙර අනතුරු ඇඟවූයේ ඇඟිලි සලකුණු සහ DNA වැනි අධිකරණ වෛද්‍ය තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසා සිරුරු හඳුනා ගැනීම ඉතා අපහසුවනු ඇති බවත් එය දීර්ඝ ක්‍රියාවලියක් වනු ඇති බවත්ය

Share This