එක්සත් ජනපදයේ 6 හැවිරිදි සිසුවෙක් ගුරුවරියට වෙඩි තැබීමෙන් පසු එම පාසලේ ප්‍රධානියා සේවයෙන් ඉවතට

එක්සත් ජනපදයේ 6 හැවිරිදි සිසුවෙක් ගුරුවරියට වෙඩි තැබීමෙන් පසු එම පාසලේ ප්‍රධානියා සේවයෙන් ඉවතට

එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ 6 හැවිරිදි පිරිමි ළමයෙකු ගුරුවරයාට වෙඩි තැබීමෙන් පසු එම පාසලේ ප්‍රධානියා සේවයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ මස මුලදී එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ පාසලක හය හැවිරිදි සිසුවෙකු විසින් ගුරුවරයෙකුට වෙඩි තබා තුවාල කිරීම පිළිබඳව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.

25 හැවිරිදි Abigail Zwerner ගුරුවරියට පන්ති කාමරයේදී දරුවෙකු විසින් වෙඩි තැබීමෙන් පසු රෝහල් ගත කරනු ලැබූ අතර ප්‍රතිකාර ලැබීමෙන් පසු පසුගිය සතියේ ඇය රෝහලෙන් නිදහස් වුණා

ගුරුවරයාගේ නීතිඥයෙකු විසින් එම පාසැලට එරෙහිව නඩු පැවරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුව එම පාසලේ ප්‍රධානියා සේවයෙන් පහ කිරීමට පාසල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඇගේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ එම වෙඩි තැබීම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකියාවක් තිබුණ බවයි .

එරට පොලිසිය මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍රකාශ කර නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This