එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ඇති පාවෙන බාධක නිසා සිරුරු දෙකක් සොයා ගැනේ

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ඇති පාවෙන බාධක නිසා සිරුරු දෙකක් සොයා ගැනේ

Rio Grande ගං ඉවුර දිගේ ඉදිකර තිබෙන පාවෙන බාධකයට එරෙහිව මෙක්සිකෝවේ ජනාධිපති Andres Manuel López Obrador අදහස් පළ කර තිබෙනවා

මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම වැළක්වීම සඳහායි මෙම පාවෙන බාධක මීට පෙර ඉදිකරනු ලැබුවේ

Rio Grande ගං ඉවුර දිගේ දේශසීමාව හරහා ගලා යන ජලයෙන් සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු මෙලෙස පාවෙන බාධක ඉදිකිරිම අමානුෂික බවයි මෙක්සිකෝවේ ජනාධිපතිවරයා පවසන්නේ

එක් සිරුරක් පාවෙන බාධකයේ දකුණු කොටසේ සිරවී ඇති අතර තවත් සිරුරක් සැතපුම් තුනක් පමණ ඉහළ කොටසක තිබී සොයා ගත් බව මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනයේ ගලවා ගැනීමේ කණ්ඩායමක් සඳහන් කරනවා

ඔවුන්ගේ මරණයට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති නමුත් ටෙක්සාස් බලධාරීන් පවසා ඇත්තේ පාවෙන බාධකයට හසු වූ පුද්ගලයා දේශසීමා තරණය කිරීමට යාමේදී මිය ගොස් ඇති බවට සැක කරන බවයි.

Share This