එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සංක්‍රමණ අර්බුදය ගැන මෙක්සිකානු ජනපති සමග සාකච්ඡා

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සංක්‍රමණ අර්බුදය ගැන මෙක්සිකානු ජනපති සමග සාකච්ඡා

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken මෙක්සිකානු ජනාධිපති Andres Manuel Lopez Obrador සමග සාකච්ඡා පවත්වා තිබෙනවා

ඔවුන් වර්ධනය වන සංක්‍රමණ අර්බුදය සහ දේශසීමා පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි පැවසෙන්නේ

එක්සත් ජනපද නිලධාරීන් පසුගිය සතියේ ප්‍රකාශ කළේ දිනකට පුද්ගලයින් 10,000 ක් දක්වා දකුණු දේශසීමා තරණය කරන බවයි.

Andres Manuel Lopez Obrador මෙක්සිකෝව හරහා එක්සත් ජනපදය දෙසට මිනිසුන් පැමිණීම සීමා කිරීමට කැමැත්තෙන් සිටින බවද සඳහන්

එහෙත් මෙක්සිකෝ නගරයේ පැවති සමුලුවට පෙරාතුව කතා කරමින් ඔහු පවසා ඇත්තේ සංක්‍රමණයේ මූල හේතු විසඳීමට වැඩි උත්සාහයක් දරන ලෙසත් එසේ නොවුනහොත් 2024 වසරේ එක්සත් ජනපද මැතිවරණයේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට එය පත්විය හැකි බවයි

එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් ගලා ඒම වැළැක්වීම සඳහා ධවල මන්දිරයට පීඩනය වැඩි වන විට මෙලෙස රැස්වීමක් සිදුවූ බවයි පැවසෙන්නේ

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශසීමා සම්බන්ධයෙන් වඩ වඩාත් දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර ලබන වසරේ නැවත බලයට පත් වුවහොත් ලේඛනගත නොකළ සංක්‍රමණිකයන්ට එරෙහිව දැවැන්ත මර්දනයක් මුදා හරිනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This