එක්සත් ජනපද හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටේ

එක්සත් ජනපද හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටේ

එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් කෙන්ටකි-ටෙනසි ප්‍රාන්ත මායිමට උතුරින් පිහිටි Trigg ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් සඳහන් කරන්නේ මෙම හෙලිකොප්ටර් අනතුරෙන් මරණ කිහිපයක් වාර්තා වීමට ඉඩ ඇති බවට අපේක්ෂා කරන බවයි.

පුහුණු මෙහෙයුමක් අතරතුර HH60 Blackhawk හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටී ඇති බවත් , කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ තත්ත්වය මේ වන විට නොදන්නා බවත් Fort Campbell හමුදා කඳවුරේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා

Share This