එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් කරන ඉල්ලීම

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් කරන ඉල්ලීම

තලේබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන තලේබාන් රජයේ ප්‍රතිපත්ති හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ බව පවසා තිබෙනවා

තලේබාන් සංවිධානය විසින් පසුගිය සතිය තුළ කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ රාජ්‍ය නොවන සංවිධානවල (NGO) සේවය කිරීම තහනම් කරනු ලැබුවා

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කවුන්සිලය සඳහන් කර තිබෙන්නේ කාන්තා අධ්‍යාපනය සඳහා වැඩිවන සීමාවන් පිළිබඳව තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම නවතම සීමාවන් ඉවත් කළ යුතු බවට සඳහන් කර තිබෙනවා.

කාන්තා අධ්‍යාපනය තහනම් කිරීමට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති විරෝධතාවයකට සහභාගී වූ කාන්තාවන් පස් දෙනෙකු තලේබාන් සංවිධානය විසින් පසුගිය සතියේ අත්අඩංගුවට ගැනුණ අතර මාධ්‍යවේදීන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා.

Share This