එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින් රෆා දේශසීමා හරස් මාර්ගයට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින් රෆා දේශසීමා හරස් මාර්ගයට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින් අද(11) ඊජිප්තුව සහ ගාසා තීරය අතර දේශසීමාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වී තිබෙනවා

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් රෆා දේශසීමා හරස් මාර්ගය වෙත සංචාරය සංවිධානය කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එක්සත් ජාතීන්ගේ තානාපති Lana Nusseibeh පැවසුවේ සංචාරයේ අරමුණ “මානුෂීය මෙහෙයුම් පරිමාණයට අනුව අවශ්‍ය දේ පිළිබඳව සොයා බැලීමත් එය ආරක්ෂක මණ්ඩලයේ නිල සංචාරයක් නොවන බවත්ය

ඊශ්‍රායල හමුදාවේ ගාසා අංශයේ විශ්‍රාමික නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු Tel Aviv හි සිට අදහස් දක්වමින් පවසා ඇත්තේ ගැටුම තවත් මාස දෙකක් පැවතිය හැකි බවයි.

සතියක් හෝ දෙකක් ඇතුළත ගාසා තීරයේ උතුරු කොටසේ පූර්ණ පාලනය ඊශ්‍රායල ආරක්ෂක හමුදා වෙත ලැබෙනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

 

 

Share This