එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම තායිලන්තයේදී (VIDEO)

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම තායිලන්තයේදී (VIDEO)

විසිවෙනි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණා

තායිලන්ත අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ ශාලාවේදී යි

මේ සදහා ලොව පුරා රටවල් රාශියක් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ මෙන්ම විද්වතුන් හා වෘත්තිකයන් ද සම්බන්ධව සිටිනවා.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරදරන්දර නියම්ගොඩ විජිත සිරි අනු නාහිමි, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අකුරටියේ නන්ද හිමි, මහාචාර්ය වල්මෝරුවේ පියරතන නායක හිමි, ස්වර්ණවාහිනී ආගමික අංශ ප්‍රදානය තරංග වික්‍රමාදර ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයට එක්ව වුණා

2004 වසරේ දී ආරම්භ කළ මෙම එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් සැමරුම් ආමන්ත්‍රණය කළා

Share This