එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සහ අගමැති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සහ අගමැති අතර හමුවක්

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී

එහිදී Marc-Andre Franche මහතා අගමැතිවරිය වෙත සිය සුභ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවද පළ කර ඇති බව සඳහන්.

එහිදී ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අවම කිරීමේ වැඩපිළිවෙලට සහ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහය ලබා දෙන බව සඳහන්.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche මහතා පවසා තිබෙනවා.

Share This