එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කෙන්යාවට

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කෙන්යාවට

සති කිහිපයක සිට පවතින ගැටුම් නිසා සුඩානයේ මානුෂීය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පසු විපරම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කෙන්යාවට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙන්යාවේ විදේශ කටයුතු අමාත්‍ය Alfred Mutua විසින් නයිරෝබි අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පිළිගනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔහුගේ දෙදින සංචාරයේදී එරට ජනාධිපති විලියම් රූටෝ සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර නයිරෝබි හි සියලුම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානීන් හමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.

Share This