එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්‍රේනයට – සාකච්ඡා අතරේදීත් රොකට් ප්‍රහාර

එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්‍රේනයට – සාකච්ඡා අතරේදීත් රොකට් ප්‍රහාර

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky සමඟ සාකච්ඡා කිරීමට එහි ගොස් සිටියදී පිපිරීම් දෙකක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ආරක්ෂක මණ්ඩලය යුක්‍රේනයේ යුද්ධය වැළැක්වීමට හෝ අවසන් කිරීමට අපොහොසත් වූ බව පිළි ගෙන තිබෙන බවද සඳහන්

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිය සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය විවේචනය කරමින් කියෙව් නගරයට කළ සංචාරය අතරතුර රොකට් ප්‍රහාර එල්ල වී ඇති බවයි පැවසෙන්නේ

කියෙව්හි මධ්‍යම ෂෙව්චෙන්කෝ දිස්ත්‍රික්කයේ  සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නගරයේ නගරාධිපතිවරයා පවසනවා

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෝලීය සාමය සහ ආරක්ෂාව සහතික කිරීම විශේෂයෙන් පැවරී තිබෙනවා

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබෙන්නේ රුසියාව විසින් යුක්‍රේනයේ සිදු කරන ලද “සියලු යුද අපරාධ” ප්‍රථමයෙන් දැක බලා ගැනීමට ගුටේරස් මහතාට අවස්ථාවක් ලැබුණු බවයි.

සති ගනනාවක් තිස්සේ රුසියානු බෝම්බ හෙලීමෙන් පාහේ විනාශ වී ඇති යුක්‍රේනයේ දකුණු නගරය වන Mariupol හි දහස් ගණනක් මිනිසුන් බේරා ගැනීමට Guterres මහතා දැඩිව කටයුතු කරන බවද මෙහිදී පවසා තිබෙනවා

මේ අතර Azovstal කාර්මික ප්‍රදේශයේ සිරවී සිටින යුක්‍රේන ආරක්ෂකයින් සහ සිවිල් වැසියන් ඉවත් කිරීමට අවසර දෙන ලෙස  නැවත නැවතත් කරන ලද ඉල්ලීම් රුසියාව ප්‍රතික්ෂේප කළ බවද සඳහන්.

එහෙත් ගුටරෙස් මහතා බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ සිවිල් වැසියන්ට නගරයෙන් ඉවත් වීමට ඉඩ දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “ප්‍රතිපත්තිමය වශයෙන්” එකඟ වූ බවයි.

Share This