එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටියි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටියි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ගාසා තීරයේ වහා මානුෂීය සටන් විරාමයක් ඉල්ලා නොබැඳි යෝජනාවක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඊයේ (12) 193කින් සමන්විත ශක්තිමත් සභාවේ සාමාජික රටවල් 153ක් පක්ෂව ඡන්දය දුන් අතර එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඇතුළු 10ක් විරුද්ධව ඡන්දය ලබා දී තිබෙනවා

එමෙන්ම රටවල් 23ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි පැවසෙන්නේ

පලස්තීන නියෝජිත රියාද් මන්සූර් පැවසුවේ එය ඓතිහාසික දිනයක් බවයි.

සටන් විරාමයක් හමාස්ගේ ත්‍රස්තවාදී පාලනය දීර්ඝ කිරීමට පමණක් උපකාරී වන බව ඊශ්‍රායලයේ නියෝජිත ගිලාඩ් එර්ඩන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ප්‍රකාශ කර තිබෙනවා

මේ අතර පවත්නා ජාත්‍යන්තර කැමැත්ත පලස්තීන ජනතාවට එරෙහි ආක්‍රමණ නැවැත්වීමට පක්ෂව සිටින බව යෝජනාව සම්මත කිරීමෙන් තහවුරු වූ බව හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Bassem Naeem BBC පුවත් සේවයට පවසා ඇති බවද සඳහන්

එක්සත් ජනපදය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පලස්තීනුවන්ට බෝම්බ හෙලීම හේතුවෙන් ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මීට පෙර අනතුරු අඟවා තිබුණා

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ගාසා තීරයේ “මහජන සාමය සම්පූර්ණයෙන්ම බිඳවැටීම” වැළැක්වීම සඳහා මානුෂීය සටන් විරාමයක් සඳහා දිගු කලක් තිස්සේ උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This